උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු දින 22 ක් පමණ ප්‍රමාද වී ඇති බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සදහා දෙනු ලබන දීමනා වැඩි කළද ඒ සදහා ප්‍රමාණවත් ගුරුවරුන් ප්‍රමාණයක් සම්බන්ධ නොවීම හේතුවෙන් පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු හරියාකාරව ආරම්භ කිරීමට නොහැකි වී ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් සුන්දර මහතා ප්‍රකාශ කර ඇත.එමෙන්ම වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සදහා සම්බන්ධ නොවීම නිසා මෙම පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු තවත් ප්‍රමාද බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සදහා සහභාගී නොවීමට තම සංගමය තීරණය කළ බව විශ්ව විද්‍යාල ආචාර්වරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බැන්නහැක මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.