රුවන්ඩාවේ කිගාලි නුවර පැවැත්වූ ලෝක පාපන්දු සම්මේලනයේ රැස්වීමකදී ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවීමට සහාය පළකරමින් රටවල් 197ක් ඡන්දය ලබා දී ඇති බව වාර්තාවේ.
මෙම ඡන්දය විමසීම සදහා රටවල් 208 ක් සහභාගී වී සිටී බව සදහන් වේ.
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඇති අනිසි බලපෑම්, ක්‍රීඩාවේ ස්වාධීනත්වය කඩකිරීම, අත්තනෝමතික ලෙස නවරෙගුලාසි පැනවීම, සාධාරණ නිලවරණය නොපැවැත්වීම වැනි කරුණු හේතුවෙන් රටවල් රාශියක් ශ්‍රි ලංකාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර ඇති බව සදහන්වේ.