ශ්‍රී ලංකා රජය සහ ජපන් රජය අත්සන් තබන ලද ගිවිසුම අනුව විශේෂිත නිපුණතාවන්ගෙන් යුත් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා කුසලතා පරීක්ෂණ පැවැත්වීමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ හෙද සාත්තු සහ ආහාර සේවා කර්මාන්තය යන ක්ෂේත්රයන් සඳහා එම පරීක්ෂණ පැවැත්වෙන බවයි.
ලබන වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසය ඇතුළත මෙම පරික්ෂණය පැවැත්වීමට නියමිත අතර එම පරීක්ෂණය බහුවරණ ප්‍රශ්න පත්‍රයකින් (පරිගණක පදනම්ව CBT) යුක්තය.
විදේශ සේවා නියුක්ති කාර්යංශය නිකුත් කළ නිවේදනයේ දක්වා ඇත්තේ විභාග ගාස්තු පිළිබඳ තොරතුරු www.slbfe.lk වෙබ් අඩවියේ දක්වා ඇති අතර විභාගය පවත්වන මාධ්‍ය වන්නේ ජපන් මාධ්‍යයි.
විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් නිකුත් කළ නිවේදනයේ 2021 සැප්තැම්බර් මස 24 දින හඳුන්වාදීමේ ආරම්භක වැඩසටහන පැවැත්වීමට නියමිත බව සඳහන් කර ඇති අතර අයදුම්පත් කැඳවන දිනය හා විභාග මධ්‍යස්ථාන පිළිබඳව පසුව දැනුම්දෙන බවයි සඳහන් වන්නේ.