ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු වන ජේ.ජී.ආර්.කරුණාරත්න මහතා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම්වරයා ලෙස පත්කර තිබෙන අතර එළඹෙන සැප්තැම්බර් මස 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු එම තනතුරට පත්කර ඇති බවයි සඳහන් කර ඇත්තේ.
ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් සිය පළමු උපාධිය හදාරා ඇති අතර ඕස්ට්‍රේලියාවේ නිව්සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයෙන් වාණිජපති උපාධිය ද ලබාගෙන ඇත.
එසේම මෙතුමා ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සහකාර සමාජිකයෙකු ද වන අතර එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිවරුන්ගේ සංගමයේ ආදී විද්‍යාර්ථියකු ද වෙයි.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරියක වන කේ.එම්.ඒ.දවුලගල මහත්මිය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර එතුමිය මුදල් මණ්ඩලයේ ලේකම් වශයෙන් මාස 34ක කාලයක් සහ මුදල් මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම් වශයෙන් මාස 36ක කාලයක් තනතුර හොබවා තිබේ.
ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු සියලු නිලධාරීන්ට පවරන රාජකාරි වගකීම් යන ආදිය කළමනාකාරීත්වයේ සහ මහ බැංකුවේ අභිලාෂ හා අවශ්‍යතාවයන්ට අනුව කාලයෙන් කාලයට වෙනස් වන බවයි මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.