සීදුව කොටුගොඩ මාර්ගයේදී සිදුවූ අනතුරකින් පාපැදියක ගමන්ගත් පිය පුතු ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වේ.
ඊයේ (18) රාත්රියේ සීදුව දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් ඉදිරියෙන් පැමිණි පාපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර බරපතළ තුවාල ලැබූ පිය පුතු සීදුව විජය කුමාරතුංග රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ සීදුව රද්දොලුව ප්රදේශයේ පදිංචි අවුරුදු 45 සහ 14 වයස්වල පසුවන්නන් වන අතර මෙම අනතුර සම්බන්ධයෙන් වෑන් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. සීදුව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.