මෙම මස 23 සිට 26 දක්වා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හොකී ක්‍රීඩාංගණයේ දී 43 වැනි ජාතික කණිෂ්ඨ හොකී ශූරතා තරඟාවලිය හා 2 වැනි කණිෂ්ඨ කාන්තා ජාතික ශූරතා තරඟාවලිය පැවැත්වීමට සුදානම් කර ඇති බව වාර්තාවේ.
මෙවර මෙම තරගාවලිය දින තුනක් පුරා තරඟ 39 ක් පැවැත්වෙන අතර එය වෙළඳ සේවා, පාසල් යන අංශ දෙක යටතේ පවත්වන බව ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ උපසභාපති ආර්.මහේෂ්වරන් මහතා පවසා තිබේ.
මෙම තරගාවලිය මෙවර මහනුවර දිස්ත්‍රික් හොකී සංගමය විසින් සංවිධානය කරන අතර ශ්‍රී ලංකා හොකී සම්මේලනය විසින් මෙහෙය වන බව සදහන් වේ.
මෙහි ප්‍රධාන ආරාධිතයන් ලෙස හිමේෂ් තෙන්නකෝන් හා මුරාඩ් අමීර්ඩීන් යන මහත්වරුන් සහභාගී වීමට නියමිතබව පැවසේ.