පාසල් නැවත ආරම්භ කිරීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම හෙට (24) දිනයේ සිදු කිරීමට නියමිතව ඇති බවට අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කර ඇත.
සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව අදියර කිහිපයකට පාසල් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කර ඇති අතර ඊට අදාළව අවශ්‍ය මාර්ගෝපදේශයන් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විට පාසල් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් සිටින බවත් හෙට දිනයේ දී ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවත් සඳහන් වේ.