යාපනය සරසවියේ අඩු ආදායම් ලාභී පවුල්වල සිසුන් 100කට ඉන්දීය ශිෂ්‍යත්ව …
යාපනය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් අඩු ආදායම් ලාභී පවුල්වල සිසුන් 100කට ඉන්දීය රජයෙන් ආධාර ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කොට තිබේ.
ඉන්දීය රජය විසින් ගන්නා ලද මේ තීරණය සම්බන්ධයෙන් දැනුම් දීමක් ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහකොමසාරිස් ගෝපල් බග්ලේ මහතා විසින් යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වෙත සිදු කර තිබේ.
ඉන්දීය ධිවර අමාත්‍ය එල්.මුරුගන් පසුගිය මාසයේ යාපනයේ සංචාරය කළ අවස්ථාවේදී යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සුබසාධන අංශය විසින් කරන ලද ඉල්ලීමක ප්‍රතිපලයක් වශයෙන් ඉන්දීය රජය මේ තීරණය ගෙන තිබේ .
ඉන්දීය රජයෙන් ශිෂ්‍යත්ව ආධාර ලබා දෙන සිසුන් සිය දෙනාට ඔවුන්ගේ උපාධි පාඨමාලාව අවසන් වන තුරු එම මුදල් ආධාර ලබා දීමට නියමිතය .
(ලංකා සර )