ඉන්දීයව හා ඔස්ට්‍රේලියාව ක්‍රිකට් කණ්ඩායම් දෙක අතර පැවැත්වූ තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වන හා අවසාන තරගයෙන් ඔස්ට්‍රලියානු කණ්ඩායම ලකුණු 21 ක ජයක් ලබා ඇති බව වාර්තාවේ.
ඒ අනුව එක්දින තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජයගැනීමට සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.
තුන්වන තරගය ආරම්භ කරමින් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 49ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 269ක් රැස්කරගෙන තිබේ.
ලකුණු 270 ක ඉලක්කයක් හබා යාමට පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 49යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිව ඇත්තේ ලකුණු 248ක් පමණි.