වාර්තා වන ආකාරයට අද (24) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කිරීමට බලපොරොත්තු වන බවයි.
විමක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ මැතිවරණය සදහා වෙන් කළ රුපියල් බිලියන 10 මැතිවරණ කොමිසමට ලබා දී මැතිවණය පැවැත්වීම සදහා කටයුතු කරන ලෙසයි.
”පාර්ලිමේන්තු සැසිවාරය පටන් ගන්න කලින් මුද්‍රණාලයෙ නිලධාරීන්ගෙන් ඇහුවා.. ඇයි ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකරන්නනෙ ඇයි කියලා
ඒ ගොල්ල කියනවා. අපි ප්‍රින්ට් කරන්න සූදානම් සල්ලි ටික දෙන්න කියලා”’’
ඊට පිළිතුරු ලබා දුන් අග්‍රාමාත්‍යවරයා ,
”අධිකරණයේ පවතින කරුණු ගැන මම සාකච්ඡා කරන්නෙ, නෑ. ඒක අවසානයක් නැති ප්‍රකාශයක් මම අමාත්‍යවරයා හැටියට ඒ අය කැඳවන්න බලාපොරොත්තු වෙනවා. ඒ අය අවිනිශ්චිතව කටයුතු කිරීම ගැන, කොමිසමේ සියලු දෙනා එයිද මම දන්නෙ නෑ.. ඒත් ඉදිරි දිනවලදී ඉතා ඉක්මනින් කැඳවලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා”