දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 23.1 කළුතර උතුර,පැල්පොල ප්රදේශයේදී සුඛෝපභෝගි මගී බස් රථයක් හා කන්ටේනරයක් එකිනෙක ගැටීමෙන් ඊයේ (26) රාත්රියේ අනතුරක් සිදුව ඇති බවට වාර්තා වේ.
මෙම අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 38 දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් 15 දෙනෙකු තුවාල ලබා කළුතර – නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.
මේ අනුව බස්රථ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතු වූ බවට පොලිසිය ප්රකාශ කර තිබේ.