ඩුබායි සිට අද (27) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බංගලාදේශ ජාතිකයින් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
ඒ ව්‍යාජ වීසා සහ ගුවන් ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් ඕස්ට්‍රේලියාවට යෑමට තැත් කිරීම හේතුවෙනි.
මෙම බංගලාදේශ ජාතිකයින් දෙදෙනා තම ලියකියවිලි කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු කවුළුව වෙත ඉදිරිපත් කර ඇති අතර එම ගුවන් ගමන් බලපත්‍ර දෙකෙහි යොදා තිබූ වීසා බලපත්‍ර අනීතික ලෙස ගලවා තිබුණි.පසුව එම ලියකියවිලි දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කළ අතර එම ගුවන් ගමන් බලපත්‍ර දෙකෙහි කූඨ ලෙස අලවා තිබූ ඕස්ට්‍රේලියානු වීසා බලපත්‍ර දෙකක් හදුනා ගැනුණි.
එමෙන්ම එම සැකකරුවන්ගේ ගමන් මලු සතුව තිබී ව්‍යාජ වීසා බලපත්‍ර දෙකක් ද සොයා ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ප්‍රකාශ කරන ලදී.
බංගලාදේශ ජාතිකයින් දෙදෙනා ප්‍රකාශ කරනුයේ මෙම බලපත්‍ර ඇලවීම සහ ගැලවීම බංගලාදේශ තැරැව්කරුවෙකුගේ උපදෙස් මත සිදු කළ බවත් ඕස්ට්‍රේලියාව වෙත යාමට එ අයෙකුගෙන් රුපියල් ලක්ෂ 10ක මුදල බැගින් ලබා දුන් බවත් ය.මෙම බංගලාදේශ ජාතිකයින් දෙදෙනා බංගලාදේශයේ ඩකා නුවර වෙත පිටුවහල් කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය කටයුතු කළ බව වාර්තා වේ.