පසුගිය දා නිකුල් කෙරුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ කටයුතු යළි රට විවෘත කෙරුනු වහාම සිදු කිරීමට තීරණය කර ඇත.
කෙසේ වෙතත් මේ වන තෙක් ප්‍රථිඵල නැවත සමීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් නිෂ්චිත තොරතුරක් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර නොමැත.
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරන්නේ දැනට රට තුළ ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් ප්‍රතිඵල නැවත සමීක්ෂණයට කටයුතු සිදු කිරීමට අපහසුතා පවතින බැවින් රට විවෘත කළ වහාම ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බවයි.
එසේම විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසා ඇත්තේ ඉදිරි දින කිහිපයේ දී තැපැල් සේවය මගින් පාසල් වෙත ප්‍රථිඵල ලේඛණ ලබා දීමට කටයුතු කරන බවයි.