👉 රුපියල් 25000.00 ගානේ සල්ලිත් දීලා.
👉 මහනුවර අයට 20000.00
👉 දන්ත ධාතූන් වහන්සේ පෙන්වන්න රනිල් කළ ඉල්ලීමට පිටු පෑවා.
👉 2025 නිලවරණය තීරණාත්මකයි.
ශ්‍රි ලංකාවේ වර්තමාන තත්වයට ප්‍රධාන වශයෙන්ම හේතු වූයේ රාජ්‍ය පරිපාලන ශ්‍රේණි නිලධාරීන්ගේ දූෂිත ක්‍රියාවන් බව අප නිරන්තරයෙන්ම අවධාරණය කර තිබේ. නමුත් අප සෑම අවස්ථාවකම පැහැදිලිවම සදහන් කරන්නේ ඉතාම හොද නිලධාරීන්ද සිටින බවයි. එවැනි තත්වයක් තුළ පසුගිය සෙනසුරාදා (25) ලංකාවේ හතර දිග් භාගයේ සිටින ප්‍රාදේශීය ලේකම්වරු සහ දිස්ත්‍රික් ලේකම්වරු මහනුවර පල්ලේකැලේ පිහිටි සීබා ආයතනයට පැමිණියේ 2025 දියවඩන නිළමෙිවරයා ලෙස නැවතත් වර්තමාන දියවඩන නිළමේවරයා පත්කර ගැනීමෙි මෙහෙයුමටය. ඒ සදහා ඔවුන් පැමිණ සිටියේ රාජකාරී වාහනයෙන් රෙදි ඇදගෙනය.
මේ වන විට ශ්‍රි ලංකාවේ සෑම රාජ්‍ය ආයතනයක්ම මෙන්ම විහාර සහ දේවාලවල භාරකාරීත්වයන්ද, දුෂණයට පෙළඹී තිබේ. විහාර හා දේවාල ආරක්ෂා කරගැනීම සදහා කටයුතු කළ යුත්තේ භාරකාරීත්වයන් ලෙස පත්කොට තිබෙන සැබෑ සිංහල බෞද්ධයන්ය. නමුත් එම සිංහල බෞද්ධයන්ද මේ වන විට අල්ලසට හා දුෂණයට පෙළඹී තිබෙන බවට සාක්ෂි සහිතවම අප විසින්ද විවිධ මාධ්‍ය මගින්ද අනාවරණය කර තිබේ.
එවන් පසුබිමක් තුළ මේ වන විට 2025 දියවඩන නිලමේ නිලවරණය සදහා විවිධ පුද්ගලයන් මෙන්ම විවිධ පාර්ශවවලින්ද සූදානම් වන බවට වාර්තා වෙි. ඉන් ප්‍රබලම නිලවරණ ව්‍යාපාරය ලෙස දැනට පෙනෙන්නට තිබෙන්නේ වර්තමාන දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑලගේ නිලවරණ ව්‍යාපාරයයි. එය මෙි වන විට ආරමිභව තිබේ. 2005 වර්ෂයේ සිටම ප්‍රාදේශීය ලේකම්වරුන් හා දිස්ත්‍රික් ලේකම්වරුන් හට අල්ලස් ලබා දෙමින් ඔහු මේ වන විට වාර දෙකකදීම දියවඩන නිළමේවරයා බවට පත්ව තිබෙන අතර තුන්වන වාරය සදහාද මේ වන විට සුදානම් වෙමින් සිටී. ඔහුගේ මෙම විසි අවුරුදු කාල සීමාව තුළ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට මෙන්ම බෞද්ධ දර්ශනයට සිදුව තිබෙන හානිය සුලු පටු නොවෙි. එම හානියට වගකිව යුත්තේ දියවඩන නිළමේවරයා සහ ඔවුන්ගෙන් අල්ලස් ලබාගෙන ඔහුට ඡන්දය දුන් සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ හිමිවරුන්ය.
ශ්‍රී ලංකාවේ මහජනතාවගෙන් වැටුප් ලබන ප්‍රාදේශීය ලේකම්වරු හා දිස්ත්‍රික් ලේකම්වරු මෙවැනි දූෂිත පුද්ගලයන් හා එක්ව තිබීම පිළිබඳව අප කනගාටු විය යුතුය.වර්තමාන දියවඩන නිළමේවරයා දූෂිතයෙක්, වංචනිකයෙක් හා බෞද්ධ දර්ශනයට පටහැනිව කටයුතු කරන පුද්ගලයෙක් බව මේ වන විටත් ප්‍රචලිත වී තිබේ.එවන් පුද්ගලයකුගේ දූෂිත ගමන තවදුරටත් තහවුරු කිරීම සදහා තමාගේ රාජකාරි නිල රථයේම මහනුවර කරා ගමන් කිරීමට තරම් දියවඩන නිලමේවරයාගේ සංතෝෂම්, දූෂිත මුදල් මෙම සමහර ප්‍රාදේශීය ලේකම්වරුන්ට වටිනාකමක් එක්කර තිබේ.
මින් කියවෙන්නේ මෙම වැඩසටහන සදහා සහභාගි වූ පුද්ගලයන් සියලු දෙනා ඉදිරියේ 2025 දියවඩන නිලමේ පත්කර ගැනීමේ නිලවරණය සදහා ඡන්දය ලබාදෙන බවත් මීට පෙර අවස්ථා වලදී ඔවුන්ගේ ඡන්දයෙන්ම පත්වූ දියවඩන නිලමේවරයා තම රට, ජාතිය හා ශ්‍රී සම්බුද්ධ ශාසනය විනාශ කිරීම සදහා තමන්ගේ බලය භාවිතා කර ඇති බවත් මෙම ප්‍රාදේශීය ලේකම්වරු හා දිස්ත්‍රික් ලේකම්වරු දැනගත යුතුව තිබේ. එසේම ඔවුන් දැනගත යුතු අනික් කරුණ නම් ප්‍රාදේශීය ලේකම්වරුන් හා දිස්ත්‍රික් ලේකම්වරුන් තම ඡන්දය ලබා දෙන්නේ එම ප්‍රදේශය තුළ ජීවත්වන බෞද්ධ ජනතාව වෙනුවෙන් සහ ඔවුන් නියෝජනය කරමිනි.
වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට මාස කිහිපයකට පෙර නිදහස් උත්සවය පෙරටුකරගෙන දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කරන ලෙස ඉල්ලා සිටියද දියවඩන නිලමේවරයා එය පෙන්වීමට අවශ්‍ය කටයුතු සිදුකර නොමැත. ඉන් කියවෙන්නේ ඔවුන් තුළ යම්කිසි දුෂණයක්, වංචාවක් හෝ යම් අභිරහසක් සගවා තිබෙන බවයි. මෙම අභිරහස පිළිබදව නිරන්තරයෙන් අප වාර්තා කළත් ඒ සදහා එයට විරුද්ධව ක්‍රියා කළ යුතු බෞද්ධ ශාසන කොමසාරිස් ජනරාල්වරයා හෝ රාජ්‍ය නිලධාරීන් මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.
රට බේරා ගැනීමට අවශ්‍ය නම් ශ්‍රී සම්බුද්ධ ශාසනයත් අනෙකුත් සියලු ආගම් සමග සියලුදෙනා හට සතුටින් ජීවත්වීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කළ යුතුය. දේවාලවල හා විහාරවල සිදුවන සියලු අක්‍රමිකතා දුෂණ වංචා එසේ නොමැතිනම් බෞද්ධ දර්ශනයට පටහැනිව සිදුවන සියලු කටයුතු නවතා දැමිය යුතුය. එසේම සියලු දෙනාටම ආගමික දර්ශනය තුල ජීවත්වීමට අවශ්‍ය පරිසරයක් සැකසිය යුතුය. නමුත් රට පාලනය කරන ජනාධිපතිවරයාගේ බලය භාවිතා කරන සිවිල් බලධාරීන් වන ප්‍රාදේශීය ලේකම්වරු හා දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් 80% ක්ම කැමැත්ත දී තිබෙන්නේ දුෂිතයෙකු වෙනුවෙනි. දියවඩන නිලමේවරයා පත්කර ගැනීමේ මෙම දුෂීත ක්‍රමය තුල ප්‍රාදේශීය ලේකම්වරු හා දිස්ත්‍රික් ලේකම්වරු ලක්ෂ ගණන් අල්ලස් ලබාගන්නා බව නොරහසකි. එය දියවඩන නිලමෙිවරයා විසින්ම 2012 වසරේ පුවත්පතක් වෙත ප්‍රකාශ කර තිබුනේ , “තමන් වෙනුවෙන් ඡන්දය ලබාදුන් ඡන්දදායකයන් හට තමන් තුටු පඩුරු ලබා දුන් බවයි.”
එවන් වටපිටාවක් තුල මහජනතාවගෙන් වැටුප් ලබන මෙම රාජ්‍ය නිලධාරීන් අල්ලස් ලබාගැනීමේ පරමාර්ථය පෙරටුකරගෙන දුෂිත දියවඩන නිලමේවරයකු සහ දුෂිත බස්නායක නිලමේවරුන් දිගින් දිගටම පත්කරගනිමින් ඔවුන් මේ සිදුකරනු ලබන්නේ මහජනතාවගේ බලය අවභාවිතා කිරීමකි. ජනාධිපතිවරයාගේ අණට කීකරු නොවන දියවඩන නිලමේවරයෙක් වෙනුවෙන් ඡන්දය ලබාදීමට දැන් සිටම සූදානම් වන ලංකාවේ සිටින ප්‍රාදේශීය ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරු හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරු දැනගත යුත්තේ තමන් විනාශ කරන්නේ බෞද්ධ ශාසනය මෙන්ම තමාගේ අනාගත පරපුරත් බවය.
එබැවින් මහජනතාව නියෝජනය කරමින් ඔබ ලබාදෙන ඡන්දය මහජනතාවට එරෙහි ඡන්දයක් වන බැවින් ඔබගේ හෘද ශාක්ෂියට එකගව ඡන්දය ලබාදිය යුතුය. තව දුරටත් මෙි ක්‍රමය ක්රියාත්මකවන්නේනම් 2025 වර්ෂය වන විට බෞද්ධ ජනතාව නැගී සිටිනු ඇත්තේ දුෂිත දියවඩන නිලමෙිවරයා පන්නා දැමීමටත්, ඔහුට ඡන්දය දෙන ප්‍රාදේශීය ලේකම්වරුන්ට හා දිස්ත්‍රික් ලේකම්වරුන් ප්රමුඛ සඝ පරපුරට එරෙහිව විය හැකිය.