NBC පුවත් සේවය පවසන ආකාරයට අමෙරිකාවේ රොකෆෙලර් විශ්වවිද්‍යාලයේ සිටින විද්‍යාඥයින් පිරිසක් විසින් සිදුකරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මිනිස් සිරුරේම කොවිඩ්වලට එරෙහිව නව ප්‍රතිශක්තියක් පවතින බව සොයාගෙන ඇති අතර එය ඉතා ශක්තිමත් හයිබ්‍රිඩ් (දෙමුහුන්) ප්‍රතිශක්තිකරණක් වන අතර ලොව ඇතැම් පුද්ගලයින් තුළ බහුල වශයෙන් වර්ධනය වෙමින් ඇති බවයි ඔහුන් සඳහන් කර ඇත්තේ.
එම විද්‍යාඥයින් පෙන්වා දී ඇත්තේ මෙම සුපිරි ප්රතිදේහයේ පරිනාමය සමග කොවිඩ් වෛරසය සාමාන්‍ය උණ සෙම්ප්‍රතිශ්‍යා වෛරස මට්ටමට පත්වනු ඇති බවත් කොවිඩ් – 19 වෛරසයේ මේ වන විට පවත්නා සියලුම ප්රභේදයන් සඳහාත් අනාගතයේ දී ඇති විය හැකි යි කියන SARK-Cov 2 වැනි ප්‍රභේද වලට ද මෙම ප්‍රතිදේහය කදිම ප්‍රතිකාරයක් බවත් ය.
එපමණක් නොව මීට වසර 20කට පමණ ඉහත දී සොයාගන්නා ලද සාර්ස් රෝගය සාදන මුල් කොරෝනා වෛරසය හෙවත් SARS – Cov 2,-1 ඇතුළුව එහි විවිධ ප්රභේදයන්ට ද එකසේ ප්‍රතිරෝධය දැක්වීමේ හැකියාව මෙම සුපිරි ප්රතිදේහවලට පවතින බවයි සනාථ වී ඇත්තේ.
පෙන්සිල්වේනියා සරසවියේ තවත් වෛරස පිළිබඳ පර්යේෂණ පවත්වන පිරිසක් විසින් තහවුරු කරගෙන ඇත්තේ තුන්වන එන්නත් මාත්‍රාවක් ලබා දීම තුළින් ද මේ ආකාරයටම සියලුම කොවිඩ් ප්රභේදයන් සඳහා ප්‍රතිරෝධය දක්වන ප්‍රතිශක්තියක් වර්ධනය කළ හැකි බවත් එක්වරක් කොවිඩ් වෛරසය වැළඳුණු පුද්ගලයින් තුළ ද මෙම ප්‍රතිශක්තිකරණ හැකියාව වඩාත් ඉහළ බවත් ය.