මහ බැංකුව විසින් කොළඹ වරායේ මේ වන විට සිර වී තිබෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග නිදහස් කර ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 50ක් නිකුත් කර ඇති අතර එය රාජ්‍ය බැංකු දෙකක් හරහා ආනයනකරුවන්ට ලබාදීමට නියමිතව ඇත.
එමෙන් ම මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කර ඇත්තේ කොළඹ වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මුදාහැරීමට තවදුරටත් මුදල් අවශ්‍ය වන්නේ නම ඒවාද ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව සූදානම් බවයි.