මෙරටට ඉදිරි මාස 06 සඳහා නව ආර්ථික සැලැස්මක් ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කර ඇත.
මේ පිළිබඳව සිය ට්වීටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ හෙට (01) දිනයේ දී එය ප්රකාශයට පත්කිරීමට නියමිත බවත් අදාළ සැලැස්ම රටේ ප්රධාන අංශ සියල්ලම ආවරණය වන පරිදි සකස් කර ඇති බවත් ය.