වැල්ලවාය නුගයාය ප්රදේශයේ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් දරුවෙකු තුවාල ලබා තිබෙන බවට වාර්තා වේ.
වැල්ලවාය තණමල්විල මාර්ගයේ ගමන්ගත් ත්රීරෝද රථයක ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි කැබ් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
එම ත්රීරෝද රථයේ ගමන්ගත් රියදුරු 44 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකු වන අතර 42 හැවිරිදි බිරිඳ සහ 70 හැවිරිදි ඔහුගේ පියා මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන තිබේ.
ත්රීරෝද රථයේ ගමන්ගත් 11 හැවිරිදි දරුවෙකු තුවාල ලබා මොණරාගල රෝහලේ ප්රතිකාර ලබයි.
මෙම අනතුරට හේතු වූ කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බීමතින් සිට ඇති බවට පොලිසිය ප්රකාශ කර තිබේ.