වයස අවුරුදු 16ක සිසුවෙකුට බරපතල ලිංගික හිංසනයක් සිදු කළ බව කියන 44 හැවිරිදි අයෙකු ආරච්චිකට්ටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වේ.
අතවරයට පත් දරුවාගේ පියා ආරච්චිකට්ටුව ප්‍රදේශයේ වෙළෙදසැලක් පවත්වාගෙන යන බවත් ,සිද්ධිය වූ දිනයේ මෙම සිසුවා පමණක් වෙළෙදසැල තුළ සිට ඇති අතර මෙම අවස්ථාවේ සැකකරු පැමිණ දරුවාගේ දුරකථන අංකය ඉල්ලා ගෙන ඇමතුම් දී ළමයා නිවස කරා යන අතරතුර ඔහු පාපැදියක නංවා ගෙන සැකකරුගේ නිවසට කැදවාගෙන ගොස් තිබේ.
එම නිවසේදී සැකකරු තමන්ට අතවර කිරීමට සූදානම් වන බව දැන එයට විරෝධය පෑමත් සමග පිහියක් ගෙන සිසුවාට තර්ජනය කර මෙම අපරාධය සිදු කර ඇති බව හෙළි වේ.
අතවරයට පත් වූ දරුවා වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර සැකකරු අද (06) හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.