විවිධ අපරාධ නඩු විභාග කිරීමේ දී ඒවාට සාක්ෂිකරුවන් වශයෙන් ළමුන් උසාවි තුලට රැගෙන ඒම වැළැක්වීම සඳහා නව වැඩපිළිවෙලක් සංවිධානය කර ඇත.
ඒ අනුව ළමුන් සාක්ෂිකරුවන් ලෙස උසාවියට කැඳවීම වැළැක්වීමේ නීතිය සමග වීඩියෝ තාක්ෂණය යොදාගනිමින් ළමයින්ගෙන් තොරතුරු ලබා ගන්නා විශේෂ මැදිරියක් අද (01) රාගම දී විවෘත කිරීමට නියමිතව ඇත.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඊයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ළමා අයිතීන් තහවුරු කිරීම සඳහා ඉදිරියේ දී ළමුන් සම්බන්ධ අපරාධ නඩුවලදී පුද්ගල සාක්ෂිවලට වඩා විද්‍යාත්මක හා තාක්ෂණික සාක්ෂි යොදා ගැනීමට බලාපොරොත්තු වන බවයි.