රාජ්‍ය සේවා කොමිෂම් සභාවේ නව සභාපති ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන සනත් ජයන්ත එදිරිවීර මහතා සහ තවත් එහි සාමාජිකයින් ලෙස 06 දෙනෙකු පත්කර තිබෙන බවට වාර්තා වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ අනුමත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත්කිරීම් සිදු කළ බවට ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.