රට තුළ ක්‍රියාත්මක කළ නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන් පිළිබඳව අවධානයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව කොවිඩ් මර්දන විශේෂ කමිටුව පෙන්වා දී ඇත.
ජනතාව එකතු වුවහොත් නැවතත් මෙම වසංගතය පැතිර යාමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳව ඒ ඒ අංශ දැඩිලෙස විමර්ශනය කිරීම කළයුතු සෞඛ්‍ය අංශ විසින් අවධාරණය කර ඇති බවයි අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ.
අද (01) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය යොදාගෙන පැවති කොවිඩ් මර්දන කමිටු රැස්වීමේ දී අමාත්‍යවරයා විසින් මෙම අදහස් දක්වා ඇත.