පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම උදෙසා මැතිවරණ කොමිසම එළඹෙන 11 වනදා රැස්වීමට නියමිත බව වාර්තා වේ.
එමෙන්ම ඉදිරි දින දෙක තුළ දී අග්‍රාමාත්‍යවරයා සමග ද සාකච්ඡාවක් පැවැත්වීමට බලාපොරොත්තු වන බව සදහන්.
මැතිවරණය පැවැත්වීම උදෙසා මුදල් ලබා දෙන ලෙසට ඉල්ලුව ද එයට බලධාරීන්ගෙන් නිසි පිළිතුරක් නොලැබුණු බවත් , මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති වෙත ඉදිරිපත් කළ ලිපියට ද කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවත් මැතිවරණ කොමිසම ප්‍රකාශ කරන ලදී.
අප්‍රේල් 25 වැනි දින පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට දින නියම කර ඇති බව ඔවුන් වැඩි දුරටත් සදහන් කර තිබේ.