CIA ප්‍රධානියා ලංකාවට ආවේ ඇයි ? ඉන්දියාවේ හමුදා මේජර්වරයකු කරුණු හෙළිකරයි- කටුනායක ගුවන් තොටුපලට ජෛව තොරතුරු පද්ධතියක් – මුහුද යටින් තොරතුරු සම්ප්‍රේෂණ රැහැන් ජාලයක්..
ඇමරිකාවේ CIA මෙහෙයුම පිටුපස..
පසුගිය මාර්තු මාසයේ දිනක ඉතා රහසිගත ලෙස ඇමරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සිය හෙවත් CIA ප්‍රධානී විලියම් බර්න්ස් ඇතුළු විශේෂ නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් ඔවුන් කටුනායක ගුවන් තොටුපලේ ආගමන විගමන පර්යන්තය මග හැර ගමන් කොට ඇති බවත් මේජර් මදන් කුමාර් නමැති ඉන්දියානු ආරක්ෂක විශ්ලේෂකයෙකු විසින් කරුණු හෙළි කර ඇති බව අන්තර්ජාල නාලිකාවක් විසින් අනාවරණය කර තිබෙනවා.
මෙහිදී අදාල කණ්ඩායම ඉන්දීය ගුවන් සීමාව ඔස්සේ ඇතුළු වූ ආකාරය මෙන්ම ශ්‍රී ලංකාව තුළ දී ඔවුන් විසින් සාකච්ඡා කරන ලද කරුණු පිළිබඳව මෙම ඉන්දීය හමුදා නිලධාරියා විසින් කරුණු හෙළිකර ඇති බව සඳහන්.
කටුනායක ගුවන් තොටුපළ ආශ්‍රිතව ඇමරිකාවේ වියදමින් ජෛව තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීම සහ රැහැන් මගින් මුහුදු පතුල හරහා තොරතුරු සම්ප්‍රේෂණය කිරීමේ ක්‍රමවේදයක් ද ඇමරිකාවේ වියදමින් සකස් කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ ව ඇමරිකානු බුද්ධි ප්‍රධානීන් ශ්‍රී ලංකාවේ බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වා ඇති බවත් එම හමුදා නිලධාරියා විසින් අනාවරණය කර තිබෙනවා.