හදිස්සියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් රුසියානු ජාතික සංචාරකයකු ත්රිරෝද රථයක් තුල මිය ගොස් ඇති බව වාර්තාවේ.
මෙම සංචාරකයා තම බිරිද හා දරුවා සමග බණ්ඩාරවෙල ඇල්ල ප්රදේශයේ ත්රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී 37 හැවිරිදි රුසියානු ජාතිකයා අසනීප තත්වයකට මුහුණ දී ඇති බව සදහන්වේ.
පසුව පැමිණි ත්රිරෝද රථයෙන්ම දෙමෝදර රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වන විටත් මිය ගොස් සිටි බවයි වාර්තා වන්නේ.
මොහුන් පසුගිය 3 වනදා මෙරට සංචාරය සදහා පැමිණ තිබේ.