පොලිස් බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (11) දහවල් පුත්තලම – පලාවිය ප්රදේශයේ දී බීඩි කොළ තොගයක් රැගත් කැබ් රථයක් සහ සැකකරුවන් දෙදෙනෙක් පුත්තලම පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .
එහි බීඩි කොළ කිලෝ 400 ක් තිබී ඇති බව සදහන්.
මෙම බීඩි කොළ තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට රැගෙන විත් කල්පිටිය හෝ ඊට ආසන්න ප්රදේශයක සගවා තිබී ඇති බවත් බීඩි කොළ තොගය පෙට්ටිවල අසුරා තිබූ බවත් වාර්තා කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පුත්තලම – නාගවිල්ලුව සහ කල්පිටිය – මාම්පුරිය ප්රදේශවල පදිංචිකරුවන් බව සදහන්.
මෙම බීඩි කොළ තොගය සහ කැබ් රථය , සැකකරුවන් දෙදෙනා පුත්තලම මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු පුත්තලම පොලීසිය විසින් සිදු කරනු ලබයි.