ගලපිටමඩමෙ ගැටහැත්ත ඇල අයිනෙ තිබෙන මහා පරිමාණ පතලක් නිසා සිදුව තිබෙන දැඩි පාරිසරික හානියක් පිළිබඳ පුවතක් සමාජ මාද්‍ය වාර්තා කර තිබේ..
මෙම විශාල පතලේ හිමිකරුවා වන්නේ “හසන්ත හෙට්ටිආරච්චි “හෙවත් “අටපට්ටමේ දඩිබිඩිස්” මහතාය.මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ බලපත්‍ර කොන්දේසි අනුව මහා පරිමාණ පතල් මගින් නිකුත් කරන රොන් මඩ සහිත ජලය කෙලින්ම ස්වභාවික ජලයට එකතු කරන්න බැරි නමුත් දඩිබිඩිස් මාමට තමන්ගේ මාධ්‍ය කටයුතු හේතුවෙන් දේශපාලන අධිකාරියේ සහ පාලන තන්ත්රයේ ඉහළ තනතුරු සමග තිබෙන සම්බන්ධකම් නිසාද ,මේ නීති රීති තඹ සතයකට මායිම් නොකර ගැටහැත්ත ඇලට රොන් මඩ මුදාහරින බවට අනාවරණය වේ.
මෙම විශාල පතලේ සිට ජල පවිත්‍රාගාරයට වතුර පොම්ප කිරීමේ ස්ථානයට ඇති දුර කිලෝමීටර් 1 බැවින් අවිස්සාවේල්ලේ ඉන්න ජනතාවට මඩ වතුර පෙව්මේ ගෞරවය හිමි විය යුත්තේ දඩිබිඩිස් මාමාට යන වග ඉතා උපහාසාත්මක ලෙස ජනයා චෝදනා නගති.
එමෙන්ම මෙම පතල නවතා දැමීමට පොලිසියට බලය තිබුණක් සතියකට පාරක් දඩිබිඩිස් මාමා මර්සිඩින්ස් බෙන්ස් කාර් එක අවිස්සාවේල්ල පොලිසිය ළග නවතා පැය කිහිපයක් පොලිසියේ සිට එන බැවින්දෝ පොලිසිය මේ මායිමට කිසි විටෙකත් නොයන බවත් පතල පේන දුරින් ගෙවල් තිබෙන අවිස්සාවේල්ල පොලිසියේ SI මහත්තුරු පවා නිහඩ වෘතයක් රකිමින් තිබෙන බවත් සදහන් වේ.
දොරමඩලාව, අටපට්ටම ආදී වැඩසටහන් තුළදී හසන්ත මහත්තයා තරම් පරිසරයට ආදරය කරන මාධ්‍යවේදියෙකු නොමැති තරම්ය. මෙලෙස කැමරාවයි මයික් එකයි ඉදිරිපිටදී මිනිසුන් කෙතරම් කරුණාවන්තද? නමුත් ඔවුන්ගේ සැබෑ ජීවිතය තුළ ඔවුන් තරම් අකාරුණික පුද්ගලයන් තවත් නොමැති තරම්ය, ලෙස සමාජ මාද්‍ය වාර්තා කර තිබේ.