ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්යක්ෂ චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙන්නේ කොරෝනා ආසාදනය වූ අය අතර දින 90ත් ,180ත් අතර කාලයක් පුරාවට පවතින දිගුකාලීන රෝග ලක්ෂණ දක්නට ලැබෙන බවත් විශේෂයෙන් කාන්තාවන් අතර මෙලෙස දිගු කාලීනව රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි.
ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටියේ එවැනි රෝග ලක්ෂණ වශයෙන් ස්වසන අපහසුතා, කාන්සාව ,විශාදය, පපුවේ සහ උගුරේ වේදනාව ,හිසරදය, මාංශපේෂි වේදනාව ආදී රෝග ලක්ෂණ 09ක් පමණ මේ ආකාරයට දිගු කාලීනව පවතින බවය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්යක්ෂ චන්දිම ජීවන්දර මහතා සිය ට්වීටර් ගිණුමේ සටහනක් තබමින් මේ පිළිබඳව සඳහන් කර තිබූ අතර ඔහු සඳහන් කළේ කාන්සාව හා විශාදය වැනි රෝග ලක්ෂණ 15%ක් තරම් ඉහළ මට්ටමකට වාර්තා වන බවයි.