රාත්‍රී කාලයේ ගවමඩුවල බැඳ සිට්න කිරිදෙනුන් පැහැර ගෙන යන බවත් , මෙම පැහැරගෙන යන කිරිදෙනුන් දිනකට කිරි ලීටර් 15 – 30 ත් අතර ප්‍රමාණයක් ලබා දෙන බවත් , ගම්පහ දිස්ත්‍රික්කය තුළ අවමයෙන් දිනකට ගවයන් හයක් හෝ හතක් පැහැර ගන්නා බවත් මසකට කිරිදෙනුන් 35-40 ත් අතර ප්‍රමාණයක් පැහැරගෙන යන බවත් පළාත් කෘෂිකර්ම නිලධාරීන් අවධාරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අන්තර් පළාත් කෘෂිකර්ම නිලධාරීන්ගේ සාකච්ඡාවකදී අවධාරණය කළ බව වාර්තා වේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ මෙන්ම අනෙකුත් පළාත්වලද මෙලෙස ගවයින් සොරකම් කිරීම ඉහළ ගොස් තිබේ.
එමෙන්ම මෙසේ කිරි ලබා දෙන ගව දෙනුන් සොරකම් කිරීම නිසා ඉදිරියේදී කිරි හිඟයක් ඇති වීමට ඉඩකඩ ඇති බව කෘෂි අංශ බලධාරීන් ප්‍රකාශ කළ බව සඳහන්.
ගව සොරුන් හට දැනට ලබා දෙන දඬුවම් ඉහළ නැංවීම සම්බන්ධයෙන් සහ ශ්‍රී ලංකා පොලීසිය විසින් දැනට සිඳු කරනු ලබන රාත්‍රී මුර සංචාර කටයුතු ඉහළ දැමීම සම්බන්ධයෙන් පොලිස්පති , ආරක්ෂක රාජ්‍ය ඇමති යන නිලධාරීන්ට කරුණු දන්වා ලිපියක් යොමු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දුන් බව වාර්තා වේ.