මැයි මස අවසාන වන විට නව විදුලිබල පනතක් පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදයට සහ යෝජිත කාල රාමුවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවත් , මූල්‍ය සහ මානව සම්පත් විගණනයන් අවසන් කිරීම සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ සම්පූර්ණ ක්‍රියාවලිය මෙම වර්ෂයේ ඔක්තොම්බර් මාසය අවසන් වන විට සම්පූර්ණ කිරීමට අනුමැතිය ලබා දෙන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
සංවර්ධන නියෝජිත ආයතන වන ලෝක බැංකුව , ආසියානු සංවර්ධන බැංකුව , JICA ආයතනය , USAID ආයතනය වල සහය ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙලට ලබා ගැනීමටත් , මෙම ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙල සම්බන්ධීකරණයට කාර්යාංශයක් පිහිටුවීමටත් රජය බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරන ලදී.