පසු ගිය පළමුවනදාට යෙදී තිබූ විශ්ව ළමාදිනයට සමගාමීව ප්‍රාදේශීය ලේඛම් කාර්යාල මට්ටමින් ළමා සමාජවල දරැවන්ගේ සහභාගීත්වයෙන් රුක්රෝපන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
එයට සමගාමීව ගොඩකවෙල සහ වැලිගෙපොල ප්‍රාදේශීය ලේඛම් කාර්යාල දෙකෙහි පැවති වැඩසටහන් සදහා මිණිපුර දැව ව්‍යාපාරිකයන්ගේ එකමුතුව මගින් කොස් පැල සහ මීපැල ලබාදෙමින් එයට සහභාගි විය.
මේ සඳහා සම්බන්ධීකරණය සිදුකලේ ගොඩකවෙල සහ වැලිගෙපොල ප්‍රාදේශීය ලේඛම්වරු සහ ළමා ප්‍රවර්ධන නිළධාරීණියන්, රක්වාන අඩවි වන කාරයාලයේ වන ව්‍යාපෘති නිළධාරී, ඉදුවර විදුලි කොන්ත්‍රාත් ආයතනයේ හිමිකරු අනිල් වසන්ත, බණ්ඩාරවත්ත දැව ව්‍යාපාරික ආයතනය ඇතුළු මහත්ම මහත්මීන් සහ දරු දැරියන් විශාල පිරිසකගේ සභාගීත්වයෙන් පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මෙය සිදු කරන ලදී.