අද (19) උදෑසන බෙරගල සිට හපුතලේ දක්වා ගමන් ගත් ත්රීරෝද රථයක් රියදුරුට නින්ද යාම හේතුවෙන් අඩි 100ක පමණ ප්රපාතයකට පෙරළී ගොස් තිබෙන බවට වාර්තා වේ.
මොහු බෙරගල හෝටලයක හිමිකරුවෙකු වන අතර හපුතලේ බැංකුවකට මුදල් තැන්පත් කිරීමට යන අතරතුර මෙම අනතුර සිදුව තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් සිටි නාවික හමුදා නිලධාරින් පිරිසක් විසින් දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර තුවාල ලැබූ පුද්ගලයාගේ තත්ත්වය බරපතළ නොවන බවට අනාවරණය වේ.