සෑම අතකින්ම දූෂිතව පවතින ශ්‍රී ලංකාවේ විනාශයට වගකිව යුත්තේ දේශපාලකයාම නොව රාජ්‍ය සේවයේ ඉහළින්ම සිටින විධායක නිලධාරින්ම බව මේ වන විටත් අනාවරණය වී අවසන්ය.
එවන් පසුබිමක් තුල ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් ගණනාවක්ම එකතු වී මෙම දූෂිත ක්‍රියාවන් එළි දැක්වීම තුලින් සත්‍ය අනාවරණය වෙමින් පවතී.
එමෙන්ම තවත් නාලිකාවක් වන ටෘත් විත් චමුදිත වැඩසටහන ක්‍රියාත්මක කරන චමුදිත සමරවික්‍රම මහතාද මෙම දූෂණ වංචා පිළිබඳ විශේෂ අනාවරණ සිදු කරනු ලබන්නේත් ඔහු ළගට පැමිණෙන පුද්ගලයන් හරහාය.එසේ වැඩසටහන් ඉදිරිපත් කරන ඔහුට විරුද්ධව මීපා සමුර්දීය පරිසර අධිකාරියේ සභාපතිනිය විසින් ලක්ෂ 500 ක වන්දි ඉල්ලා එන්තරවාසි එවා තිබේ.
දින 21 ක් ඇතුළත එම මුදල නොගෙවන්නේ නම් එම මුදලත්, නඩු කීමේ නඩු ගාස්තුත් අය කරගැනීම සදහා නඩු පවරන බව එහි සදහන්ය.
මෙම නිලධාරීන් නොදන්නා එක දෙයක් තිබේ. එනම් ඔවුන් නීතිය නොදන්නා අය බවයි. ඔවුන් රටට වගකිව යුතු මහජන මුදලින් යැපෙන්නෝ වෙති. එසේම ඔවුන් තම රාජකාරිය මෙතෙක් සිදුකර නැති බවද පැහැදිලිය.
මෙම අවස්ථාවේදී නීතිපති ප්රමුඛ රජය කළ යුත්තේ තම රාජකාරිය පැහැරහැර ඇති නිලධාරීන්ට නඩු පවරා මහජනතාවට යුක්තිය ඉටුකිරීමයි.