ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා සිව්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින අතර අද (04) පෙරවරුවේ ඔහු සහ එම පැමිණි දූත පිරිස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වී ඇත.
මෙම හමුවේ දී විශේෂයෙන් සාකච්ඡාකර ඇත්තේ ද්විපාර්ශවීය සබඳතා තවදුරටත් ශක්තිමත් කරගනිමින් ලෝකයේ පවත්නා තත්ත්වයට අනුව මුහුණදීම පිළිබඳව වන අතර එහිදී මුදල් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුක්තව ඉන්දියාව සමග පවත්නා සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම අපේක්ෂාව වන බවයි.
ඉන්දීය විදේශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ කොරෝනා වසංගතය හේතුවෙන් ඇතිවී ඇති පීඩාවන් අවම කර මෙරට ආර්ථික ක්ෂේත්රය නගා සිටුවීමට අවශ්‍ය සහාය ලබාදීමට සූදානම් බවත් ඉන්දීය ව්‍යාපාරික ප්‍රජාව ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකාව වෙත යොමු කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයාබලන බවත් ය. අද පෙරවරුවේ මුදල් අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවේ දී ඔහු මෙම අදහස් දක්වා ඇත.