බණ්ඩි පොහොර කිලෝග්‍රෑම් 50ක මිල රුපියල් 18,500 ක් පමණ වන නිසා , එම මිල ගොවි ජනතාවට දරා ගැනීමට අපහසු නිසා මෙවර යල කන්නයේ වී වගාව සඳහා බණ්ඩි පොහොර මිල රුපියල් 4500 කින් පහත දැමීමට රජයේ අවධානය යොමුව ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.
මේ සම්බන්ධයෙන් ලබන සතියේ පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේදී තීරණය කරන බවත් , මෙරටට පොහොර ආනයනය කරනු ලබන සහ පොහොර බෙදා හරිනු ලබන පොහොර සමාගම් සංඛ්‍යාව 12ක් දක්වා ඉහළට යාම හේතුවෙන් එම වාසිය ගොවි ජනතාවට ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළ බව වාර්තා වේ.