මෑත කාලයේ වැඩිම බලශක්ති ඉල්ලුම ඊයේ (19) දිනයේ දී වාර්තා වූ බවත් ඒ සඳහා ගිගා වොට් 49.53 ක් අවශ්‍ය වූ බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබූ බව වාර්තා වේ.
එමෙන්ම ඒ අනුව අද (20) දිනයේ ගිගා වොට් 50 ඉක්මවූ බලශක්ති ඉල්ලුමක් ඇති විය හැකි බවත් , විදුලිබල උත්පාදනය සඳහා හම්බන්තොට ඩීසල් බලාගාරයේ ජනන යන්ත්‍ර ඇතුළු සියලු තාප බලාගාර යොදා ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.