2022 උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගේ දෙමව්පියන් පිරිසක් අද (20) පෙරවරුවේ මානව හිමිකම් කොමිෂමට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව වාර්තා වේ.
ඒ අනුව දෙමව්පියන් මෙලෙස පැමිණිල්ලක් සිදු කර ඇත්තේ පිළිතුරු පත්ර ඇගයීම ප්රමාද වීම හා සිය දරුවන්ට අසාධාරණයක් සිදුවන බව පවසමින් ය.