හෙට (07) දිනයේ විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවීමට සැලසුම් කර ඇති අතර හෙට පස්වරු 05.00ට එම අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිත බවයි වාර්තා වී ඇත්තේ.
මෙම විශේෂ රැස්වීමේ දී අවධානය යොමු කරනු ලබන්නේ සිමෙන්ති,කිරිපිටි සහ ගෑස් මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් ලබා දී ඇති යෝජනා පිළිබඳ අවසන් තීරණයක් ගැනීමත් වර්තමාන දේශපාලන හා ආර්ථික තත්ත්වයන් සම්බන්ධයෙනි.
පසුගිය දා පැවති කැබිනට් මණ්ඩලයට ද පාරිභෝගික අධිකාරිය විසින් කිරිපිටි,සිමෙන්ති සහ ගෑස් මිල ඉහළ නැංවීම සම්බන්ධ යෝජනා ඉදිරිපත් කළ ද මේ වන තෙක් ඒ සඳහා අවසන් තීරණය ලැබී නොමැත.