අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවට වාර්තා වේ.
නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත හදුන්වා දීමත් සමග දැනට පවතින පනත අහෝසි වී යන අතර නව දූෂණ විරෝධ් පනත තුළින් දූෂණ වංචාව පිළිබඳව තොරතුරු ලබා දෙන පුද්ගලයින්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ හැකියාව පවතින අතර නව අල්ලස් කොමිසමේ කටයුතු අධීක්ෂණය කිරීමේ බලතලද පාර්ලිමේන්තුවට හිමිව තිබේ.