නිකවැරටිය ප්රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කල හිමි නමක් හට කාන්තාවන් හත් දෙනකු විසින් ලිංගික අපහරණයන් සිදු කළ බව කියවෙන පුවතක් වාර්තාවේ.
මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ 22 හැවිරිදි හිමිනමක් බව සදහන් වේ.
සැකකාර කාන්තාවන් හිමිනම වැඩසිටි අවාසගේය අසලට ගොස් හිමිනමට විහාරස්ථානයෙන් පිටවෙන ලෙස බලකරමින් හිමිනමගේ සිවුරු ඉවත් කරන ලෙස අනකොට හිමිනමට සාරීරිකව හා මානසිකව දැඩි පීඩා සිදුකලබව හිමිනම සදහන් කොට තිබේ.
එම පීඩාවන් හමුවේ හිමිනම පුත්තලම රෝහල වෙත ගොස් නේවාසිකව ප්රතිකාර ලබන බව වාර්තාවේ.
සැකකාර කාන්තාවන් හත්දෙනා නිකවැරටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතිබව පැවසේ.