ඉන්ධන ආනයනයට , බෙදා හැරීමට , අලෙවි කිරීමට අනුමැතිය හිමි වූ ඇමෙරිකානු ඉන්ධන සමාගමක් වන ආර්.එම්.පාර්ක් ෂෙල් සමාගම ජුනි මාසයේ සිට මෙරට සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට එකඟතාවය පළ කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ෂෙල් සමාගමේ නිලධාරීන් සමඟ පසුගියදා මාර්ගගත ක්‍රමය ඔස්සේ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී මෙරට ඉන්ධන ආනයනය කිරීමට , බෙදා හැරීමට සහ අලෙවි කිරීමට අවශ්‍ය ව්‍යාපාර බලපත්‍ර , ගිවිසුම , ප්‍රතිපත්ති , යටිතල පහසුකම්, ගිවිසුම්ගත වන දින වකවානු , මෙහෙයුම්, කටයුතු ආරම්භ කරන කාල රාමුව පිළිබදව ද සාකච්ඡා කර ඇති බව සඳහන්.