උසස් පෙළ විද්‍යා විෂය පමණක් හැදෑරීම සඳහා වෙනත් පාසලකට යන ලෙස කලාප අධ්‍යාපන කාර්යාලයෙන් තමන්ට දන්වා ඇති බව ප්‍රකාශ කරමින් ඊට එරෙහිව ගල්ල උණවටුන මහා විද්‍යාලයේ විද්‍යා විෂය හදාරන සිසුන් පිරිසක් අද (29) මානව හිමිකම් කොමිසමට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව වාර්තා වේ.
මෙතෙක් විද්‍යා විෂය ඉගැන්වීමේ කටයුතු වලට සිටි ගුරුවරිය වෙනත් පාසලකට මාරු කර යවා තිබීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව සිසුන් පිරිස සඳහන් කර තිබේ.