ශ්‍රී දළදා මාලිගාවේ දිය වඩන නිළමේවරයා මෙන්ම බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා කපටි උපාසකයන් වූ ආකාරය පිළිබඳව එළි දක්වමින් කෘතියක් නිකුත් කර තිබෙනවා.
එම කෘතිය මූලික කර ගනිමින් අද (29) කොළඹදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණී කමන්ත තුෂාර මහතා “කපටි උපාසක” පිළිබඳව විග්රහ කරමින් බෞද්ධාගමට විශාල කැළලක් සිදු කළ දියවඩන නිලමේවරයා වූ ප්‍රදීප් නිලංග දෑල මෙන්ම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාද හොරු බව මෙහිදී අනාවරණය කරයි.
එම කෘතිය මගින් දළදා මාලිගාව ආශ්‍රිතව සිදුවූ බරපතල වංචා දූෂණ අනාවරණය කර ඇති අතර දියවඩන නිලමේවරයා විසින් සිය මෝටර් රථයේ බෆර් සඳහා රන් ආලේප කිරීමේ සිදුවීමක් පිළිබඳව ද කරුණු දක්වා තිබෙනවා.
දළදා මාලිගාව සතු ප්රවේණි ඉඩම් වංචනික ලෙස මෙරට සුප්‍රසිද්ධ ඉඩම් වෙන්දේසි ආයතන වලට අලෙවි කිරීමේ සිදුවීම් පිළිබඳව මෙන් ම තවත් සිදුවීම් රැසක් සම්බන්ධයෙන් ද මෙහි කරුණු අනාවරණය කර තිබෙනවා.
කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන පීඨයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තරංග ධරණිත මහතා මෙම කෘතියේ කතුවරයා ය.
“කපටි උපාසකයා” නම් පොත අනුරාධපුර මහජන බැංකුව අසල යුනික්ස් මොබයිල් වෙතින් මිළදී ගත හැකි අතර වැඩි විස්තර දැන ගැනීම සදහා 0743288625 අමතන්න.
අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර මහතා අද කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී තොරතුරු අනාවරණය කළ ආකාරය.
එසේම මී මැස්සෝ යූ ටියුබ් නාලිකාව සමගද ගාමිණී කමන්ත මහතා සාකච්ඡාවක් සිදු කරන ලදි.එම සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.
ඊට අමතරව මුලින්ම ඒ පිළිබඳ අනාවරණය කරන ලද්දේ චමුදිත සමරවික්‍රම මහතාගේ Truth With Chamuditha යූ ටියුබ් නාලිකාවේ පැවති සාකච්ඡාවකදීය.එම සාකච්ඡා කිහිපයද පහතින් නැරඹීය හැකිය. කෙසේ නමුත් මෑත ඉතිහාසයේ කරලියට එම නාලිකාවෙන් කරලියට ගෙනාවත්, මෙම තොරතුරු එකතු කල පුද්ගලයන් අවුරුදු ගනනාවක් තිස්සේ ඒ වෙනුවෙන් විශාල වෙහෙසක් ගෙන තිබුනි.
චමුදිත සමරවික්‍රම මහතා විසින් මේ පිළිබඳව වර්තමානයේ ප්‍රථම හෙළිදරවිව සිදු කරන ලද්දේ ඔහුගේ යූ ටියුබ් නාලිකාවේදී ශ්‍රී නිශ්ශංක මායාදුන්නේ සමගය.
චමුදිත සමරවික්‍රම මහතාගේ අනාවරණයෙන් පසු ධනංජය නාරන්බද්ධ මහතා සමග TNL රූපවාහිනී නාලිකාවේ මේ පිළිබඳව පැයක පමණ සාකච්ඡාවක් සිදු විය.එම සාකච්ඡාවද ඔබට පහතින් නැරඹිය හැක.
එසේම මෙම හෙලිදරව් කිරීම් පිටුපස විශාල ජනතාවක්ද සිටී. තොරතුරු ලබා දෙන ඔවුන්ගේ ජාත්‍යාලයට, ආගම පිලිබදව තිබෙන කැක්කුමට මේ වන විටත් දහස් ගනනින් ජනතාව එක් රොක් වෙමින් සිටී. ඒ අනුව මුලින් එක් එක්කෙනා සහ විවිද අය සිදුකල මෙම හෙලිදරව් මේ වන ජනගත වී මේ සමග එකතුව සිටීම ගැන තනි තනිව සටන් කල සහ තොරතුරු එකතු කල සියලුම දෙනාට සතුටු විය හැකිය.