ඊයේ (29) පස්වරුවේ හෝටන් තැන්න නැරඹීමට පැමිණි බස් රථයක් අනතුරට ලක් වීම හේතුවෙන් හෝටන් තැන්නට ඇතුළු වන වාහන තාවකාලිකව නතර කිරීමට තීරණය කළ බව පට්ටිපොල පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක අනිල් ජයසිංහ මහතා ප්රකාශ කළ බව වාර්තා වේ.
මෙසේ වව්නියාව් සෙට්ටිකුලම් ප්රදේශයේ සිට නුවරඑළිය නැරඹීමට පැමිණි 20 දෙනෙකුගෙන් සමන්විත බස් රථය හෝටන් තැන්න පාරිසරික කලාපයේ සංචාරයට පැමිණ ආපසු නුවර එළිය දක්වා ගමන් කරන අතරතුරේදි අධික බෑවුම් සහිත ස්ථානයකදී මෙසේ ධාවනය වෙමින් තිබූ බස් රථයේ තිරිංග ක්රියාවිරහිත වීමෙන් බස් රථය නතර කර ගැනීමට නොහැකිව අනතුරට ලක්ව තිබේ.බස් රථය ප්රධාන මාර්ගය අසළ කන්දේ හැපී මාර්ගය හරහා පෙරළී ඇති බව සදහන්.
බස් රථ රියදුරාගේ දක්ෂතාවය මත සිදු වන්නට ගිය විශාල අනතුරක් වැළකුණු බවත් , බස් රථයේ සිටි කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති බවත් පොලීසිය ප්රකාශ කළ බව වාර්තා වේ .
එමෙන්ම මාර්ගය හරහා පෙරලුණු බස් රථය ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් එය ඉවත් කිරීමෙන් අනතුරුව හෝටන් තැන්නට නැවත රථ වාහන ඇතුළු කිරීමට අවස්ථාව ලබා දෙන බවත් සදහන්.