වෙසක් උත්සවයට සමගාමීව පුත්තලම , කුරුණෑගල , ගම්පහ යන දිස්ත්රික්ක වල විහාරස්ථාන හයක් පූජා භූමි ලෙස නම් කර ඇති බව වාර්තා වේ.
මීට අදාළ සන්නස් පත්ර රාජ්ය වෙසක් උත්සවයේදී ජනපති අතින් විහාරාධිපතිහිමිවරුන් හට පිරිනැමීමට නියමිත බව සඳහන්.
ඒ අනුව පිලාකටුමුල්ල ශ්රී පුෂ්පාරාම පුරාණ මහා විහාරය , කෑරගල පද්මාවතී පිරිවෙන , පුත්තලම කිරිමැටියාන ශ්රී සුධම්මවංශාරාම මහා විහාරය , ගම්පහ සිරි පැරකුම්බා රජමහා විහාරය , බියගම ශ්රී සුධර්මාරාමය , කුරුණෑගල තිස්සව රජමහා විහාරය මෙලෙස පූජා භූමි ලෙස නම් කර ඇති විහාරස්ථාන ලෙස හඳුන්වා දී තිබේ.