අභ්‍යාසලාභී උපාධිධාරීන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි සෞභාග්‍යා දැක්ම වැඩසටහන යටතේ බඳවා ගැනුණු අතර ඒ සඳහා වන අතිවිශේෂ කැබිනට් සභාව ඊයේ දිනයේ දී රැස් වී ඇත.
එම කැබිනට් සභාවේ සභාපති අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වය ඇතිව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ දී මෙම සාකච්ඡාව ඊයේ (12) පෙරවරුවේ පවත්වා ඇත.
මෙම විශේෂ කැබිනට් සභාව රැස් වූ දෙවන අවස්ථාව මෙය වන අතර මෙහි සෙසු සාමාජිකයින් වශයෙන් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා යන අමාත්‍යවරුන් සම්බන්ධ වී ඇත.
මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුව ඇත්තේ අභ්‍යාසලාභී උපාධිධාරීන් අනුයුක්ත කරන ලද එක් එක් අමාත්‍යංශවල එම උපාධිධාරීන් ස්ථිර කිරීම සඳහා වන ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහාය.