වෙසක් සතිය තුළ ආගමට , සදාචාරයට , සංස්කෘතියට නොගැළපෙන ලෙසින් කටයුතු නොකරන ලෙසත් , එම ක්‍රියාවලීන් සඳහා කිසිසේත් ඉඩ නොදෙන බවත් පොලිසිය මහජනතවට දැනුම් දෙන බව වාර්තා වේ.
එමෙන්ම ඔළුබක්කන් නැටවීම් වැනි ක්‍රියා සිදු ක්රීමට ඉඩ නොදෙන බවත් , මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් වෙසක් කාලයට නොගැළපෙන ක්‍රියා සිදු නොකරන ලෙසත් , වෙසක් කලාප සඳහා අවශ්‍ය ආරක්ෂාව සපයන බවත් , පොලිස් නිලධාරීන් , සිවිල් නිලධාරීන් , රථවාහන නිලධාරීන් ද යොදවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළ බව සඳහන්.