වී ගොවීන් සඳහා මහකන්නයට අවශ්‍ය කරන කාබනික පොහොර බෙදා හැරීම අද (13) සිට ආරම්භ කරන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ.
මෙම තීරණය පසුගිය දිනෙක රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සමඟ ගොවිජන සේවා නියෝජ්‍ය කොමසාරිස් ,දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂවරුන් සහ පොහොර නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව කරන ලද සාකච්ඡාවකින් අනතුරුව ගෙන ඇත.
ඒ අනුව අම්පාර, අනුරාධපුරය,පොලොන්නරුව,මොණරාගල ,ත්‍රිකුණාමලය ,මඩකලපුව,හම්බන්තොට ,කුරුණෑගල සහ පුත්තලම ආදී වී වගාව බහුල වශයෙන් සිදුකරන දිස්ත්‍රික්ක සඳහා ප්‍රමුඛතාවය ලබා දෙමින් මෙම කාබනික පොහොර බෙදා දීමට තීරණය කර ඇත.