මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු අනෙකුත් ස්වාධීන කොමිෂන් සභා හතර සඳහා නව සාමාජිකයින් ඉදිරි දින කිහිපයේදී පත්කර අවසන් කිරීම සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී හෙට (09) දහවල් 12.00 ට පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු සෙසු කොමිෂන් සභා පත් කිරීම නිශ්ඵල ක්‍රියාවක් බවත් , එම කොමිෂන් සභා හැකි ඉක්මනින් පත්කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් , ස්වාධීන කොමිෂන් සභා පහක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් දැනටමත් පත් කර ඇති බවත් , මැතිවරණය කල් ගොස් ඇති අවස්ථාවක මැතිවරණ කොමිෂන් සභාව සඳහා නව සාමාජිකයින් පත් කිරීමට කිසිඳු බාධාවක් ඇති නොවන බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ.