ගිණිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බවට වාර්තා වේ.
මෙම පද්ධතිය අද දිනයේ (09) පීඩන අවපාතයක් දක්වාත් ,පසුව හෙට දිනයේ සුළි කුනාටුවක් දක්වා ක්‍රමයෙන් වර්ධනය වීමේ හැකියාව පවතින බවට එම දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.
ඒ අනුව මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 50 ත් 60 ත් දක්වා පවතින අතර එය පැයට කිලෝමීටර් 70ක් පමණ දක්වා ඉහළ යා හැකි බව සදහන්.